
වී වගාව - ශ්‍රී ලංකා
මිනිසා ගොවි යුගයට පරිවර්තනය වූ දා පටන් එදා මෙදා තුර ලාංකිකයාගේ ප්‍රධාන ආහාරය බත් ය. ලංකාවේ තත්ත්වය විමසීමට පෙර ලෝකයේ වී ගොවිතැන පිළිබඳ විමසීමකට ලක්කළහොත් ග්‍රීන්හේ ගේ වර්ගීකරණයට අනුව වී වගාව සියුම් පාරිභෝගික කෘෂිකාර්මික අංශයට අයත් වෙයි. ලෝක ජනගහනයෙන් 2/3ක් පමණ වෙසෙන ආසියානු කලාපය වී ගොවිතැන සඳහා වඩාත් ප්‍රචලිත ය.
ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මයේ මෙන් ම ආහාර භෝග වගාවෙහි ප්‍රධානත ම භෝගය වී වශයෙන් හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම වී වගා කෙරේ. ඉන් විශාල ශ්‍රම පිරිසකට රැකියා සපයා ඇත. එමෙන් ම අධික ජන සංඛ්‍යාවක් පෝෂණය කරන ධාන්‍ය වර්ගයකි. ශ්‍රි ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ද සැලකිය යුතු අන්දමින් දායක වේ. 1999 වසරේදී දළ ජාතික නිෂ්පාදනයට එකතුව රුපියල් දශලක්ෂ 30197ක් වූ අතර ප්‍රතිශත දායකත්වය 3.04%ක් ෙව්.
වී වගා කරන දිස්ත්‍රික්ක අතරින් ද යාපනය, මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවල වැඩි අස්වැන්නක් ලැබේ.
No comments:
Post a Comment