Monday, July 5, 2010

ශ්‍රී ලංකාවේ වී ගොවිතැන ආශ්‍රිත ගැටලු


(1) වී වගා කරන බිම් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වීම.

ජල හිඟයෙන් ,ජල අතිරික්ත මගින්,කෘමි උවදුරු මගින් වී වගාවන් විනාශ වී යාමත් මේ හේතුවෙන් වගා බිම් අත්හැර දැමීම දක්නට හැකි ය. තව ද රටේ ඇති සිවිල් යුද්ධය නිසා වී වගාවෙන් බලාපොරොත්තු වන ආදායම් නොලැබීම, යෙදවුම් මිල ඉහළ යාම ආදී කරුණු ද වගා බිම් ක්‍රමයෙන් අඩු වීමට හේතු වී තිබේ.

(2)වී වගා කරන බිම් ප්‍රමාණයට වඩා අස්වැන්න ලබා ගන්නා බිම් ප්‍රමාණය අඩු වීම

ජල හිගය, ජල ගැලීම් මගින් වගාවන් විනාශ වීම, කෘමි උවදුරු හා වල්පැල හේතුවෙන් වගාවන් විනාශ වී අස්වැන්න අවම වී යයි

(3) දේශගුණික බලපෑම් මගින් වගාවන් විනාශ වීම.

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වගාවන් වර්ෂා ජලය මත පෝෂණය වේ. නමුත් නිරිත දිග මෝසම් මගින් එා සංවහන මගින් ලැබෙන වර්ෂාව නියමිත කාලයට නොලැබීම, අධික වර්ෂාවක් ලැබීමෙන් ජල අතිරික්තයක් ඇති වීම, එමෙන් ම වැඩෙන කාලයේ දී වැසි නොලැබීම ආදිය නිසා වගා විනාශ වේ.

වියළි කලාපයේ මහ කන්නයේ වර්ෂාපතනයෙන් ද යල කන්නයේ ජල සම්පාදනයෙන් ද වී නගාව කරයි. එම ප්‍රදේශවල ද අවශ්‍ය කාලයේදී වැසි නොලැබීම ජලය සිඳීයාම, අනවශ්‍ය කාලයේදී අධික වැසි නිසා ගංගා, ඇල දොල හා වැව් පිටාර ගැලීම ආදිය නිසා වගා විනාශ වේ.

(4) පස ආශ්‍රිත ගැටළු

දීර්ඝ කාලයක් වගා කිරීම, පොහොර භාවිත‍ය යනාදිය හේතුවෙන් පස ආශ්‍රිත ගැටළු රාශියක් මතු වී තිබේ

(5) යෙදවුම් භාවිතය අඩුකම

බීජවල මිල ඉහළ යාම, පොහොර හා පළිබෝධ මිල ඉහළ යාම හේතුවෙන් යෙදවුම් භාවිතය අඩු වී ඇත.

(6) වී නිෂ්පාදන අලෙවි කිරීමේ දුෂ්කරතා

ශ්‍රී ලංකාවේ සහතික මිල ක්‍රමයක් පැවතියත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් වී ගොවියා විශාල අර්බුදයකට මුහුණ දී සිටීග

(7) දියුණු යන්ත්‍රෝපකරණ භාවිතා නොකිරීම.

(8) ගතානුගතික වගා ක්‍රම අනුගමනය නිරීම.

(8) දියුණු වගා ක්‍රම භාවිතා නොකිරීම.

(9) සංවර්ධන යෝජනා ක්‍රම පරිහානියට යාම.

No comments:

Post a Comment