Monday, July 5, 2010


වී වගාව - ශ්‍රී ලංකා


මිනිසා ගොවි යුගයට පරිවර්තනය වූ දා පටන් එදා මෙදා තුර ලාංකිකයාගේ ප්‍රධාන ආහාරය බත් ය. ලංකාවේ තත්ත්වය විමසීමට පෙර ලෝකයේ වී ගොවිතැන පිළිබඳ විමසීමකට ලක්කළහොත් ග්‍රීන්හේ ගේ වර්ගීකරණයට අනුව වී වගාව සියුම් පාරිභෝගික කෘෂිකාර්මික අංශයට අයත් වෙයි. ලෝක ජනගහනයෙන් 2/3ක් පමණ වෙසෙන ආසියානු කලාපය වී ගොවිතැන සඳහා වඩාත් ප්‍රචලිත ය.

Pic25.gif


ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මයේ මෙන් ම ආහාර භෝග වගාවෙහි ප්‍රධානත ම භෝගය වී වශයෙන් හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම වී වගා කෙරේ. ඉන් විශාල ශ්‍රම පිරිසකට රැකියා සපයා ඇත. එමෙන් ම අධික ජන සංඛ්‍යාවක් පෝෂණය කරන ධාන්‍ය වර්ගයකි. ශ්‍රි ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ද සැලකිය යුතු අන්දමින් දායක වේ. 1999 ‍වසරේදී දළ ජාතික නිෂ්පාදනයට එකතුව රුපියල් දශලක්ෂ 30197ක් වූ අතර ප්‍රතිශත දායකත්වය 3.04%ක් ෙව්.


Pic2.jpg


වී වගා කරන දිස්ත්‍රික්ක අතරින් ද යාපනය, මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවල වැඩි අස්වැන්නක් ලැබේ.


ශ්‍රී ලංකාවේ වී ගොවිතැන ආශ්‍රිත ගැටලු


(1) වී වගා කරන බිම් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වීම.

ජල හිඟයෙන් ,ජල අතිරික්ත මගින්,කෘමි උවදුරු මගින් වී වගාවන් විනාශ වී යාමත් මේ හේතුවෙන් වගා බිම් අත්හැර දැමීම දක්නට හැකි ය. තව ද රටේ ඇති සිවිල් යුද්ධය නිසා වී වගාවෙන් බලාපොරොත්තු වන ආදායම් නොලැබීම, යෙදවුම් මිල ඉහළ යාම ආදී කරුණු ද වගා බිම් ක්‍රමයෙන් අඩු වීමට හේතු වී තිබේ.

(2)වී වගා කරන බිම් ප්‍රමාණයට වඩා අස්වැන්න ලබා ගන්නා බිම් ප්‍රමාණය අඩු වීම

ජල හිගය, ජල ගැලීම් මගින් වගාවන් විනාශ වීම, කෘමි උවදුරු හා වල්පැල හේතුවෙන් වගාවන් විනාශ වී අස්වැන්න අවම වී යයි

(3) දේශගුණික බලපෑම් මගින් වගාවන් විනාශ වීම.

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වගාවන් වර්ෂා ජලය මත පෝෂණය වේ. නමුත් නිරිත දිග මෝසම් මගින් එා සංවහන මගින් ලැබෙන වර්ෂාව නියමිත කාලයට නොලැබීම, අධික වර්ෂාවක් ලැබීමෙන් ජල අතිරික්තයක් ඇති වීම, එමෙන් ම වැඩෙන කාලයේ දී වැසි නොලැබීම ආදිය නිසා වගා විනාශ වේ.

වියළි කලාපයේ මහ කන්නයේ වර්ෂාපතනයෙන් ද යල කන්නයේ ජල සම්පාදනයෙන් ද වී නගාව කරයි. එම ප්‍රදේශවල ද අවශ්‍ය කාලයේදී වැසි නොලැබීම ජලය සිඳීයාම, අනවශ්‍ය කාලයේදී අධික වැසි නිසා ගංගා, ඇල දොල හා වැව් පිටාර ගැලීම ආදිය නිසා වගා විනාශ වේ.

(4) පස ආශ්‍රිත ගැටළු

දීර්ඝ කාලයක් වගා කිරීම, පොහොර භාවිත‍ය යනාදිය හේතුවෙන් පස ආශ්‍රිත ගැටළු රාශියක් මතු වී තිබේ

(5) යෙදවුම් භාවිතය අඩුකම

බීජවල මිල ඉහළ යාම, පොහොර හා පළිබෝධ මිල ඉහළ යාම හේතුවෙන් යෙදවුම් භාවිතය අඩු වී ඇත.

(6) වී නිෂ්පාදන අලෙවි කිරීමේ දුෂ්කරතා

ශ්‍රී ලංකාවේ සහතික මිල ක්‍රමයක් පැවතියත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් වී ගොවියා විශාල අර්බුදයකට මුහුණ දී සිටීග

(7) දියුණු යන්ත්‍රෝපකරණ භාවිතා නොකිරීම.

(8) ගතානුගතික වගා ක්‍රම අනුගමනය නිරීම.

(8) දියුණු වගා ක්‍රම භාවිතා නොකිරීම.

(9) සංවර්ධන යෝජනා ක්‍රම පරිහානියට යාම.

වී ගොවිතැනට අවශ්‍ය භෞතික සාධ

1. ප්‍රමාණවත් ජල සැපයුම හෝ මි.මී. 1500ක් ඉක්මවන (අගල් 60) ඍතුමය වර්ෂාව.

2. ඉහළ උෂ්ණත්වය. (සෙ.ග්‍රේ. 24ක් පමණ)

3. ජලය රඳවා තැබිය හැකි හා ඉවත් කළ හැකි තැනිතලා බිම් හෝ හෙල්මලු බෑවුම්.

4. මැටි සහිත දියලු පස. (හ්‍යුමස්, වැලි, මැටි හා රොන්මඩ අඩංගු වීම)


වී වගා ක්‍රම - ජලය ලැබෙන ආකාරය අනුව


ශ්‍රී ලාංකාවේ කුඹුරක සීසාන ගොවීන්

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම වී වගා කෙ‍රේ. නමුත් වැඩි ම බිම් ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයේත් අඩු ම බිම් ප්‍රමාණය නුවරඑළිය දිස්ත්‍රික්කයේත් දැකිය හැකි ය.


  1. අහස් වැස්සෙන්
  • තෙත් කලාපයේ වගා බිම් සියල්ලම පාහේ
  • වියලි කලාපයේ සමහර කුඹුරු
  1. වැවු වතුරෙන්
  • වියළි කලාපයේ බොහෝ කුඹුරු
  • තෙත් කලාපයේ ඉතා සුළු වශයෙන්


ශ්‍රී ලංකාවේ වී ගොවිතැන ආශ්‍රිත ගැටලු

(1) වී වගාව තරුන පරපුර අතර ජනප්‍රිය නොකිරීම

(2) දේශගුණය සහ කාලගුණ රටාව වෙනස්වීමයි

(3) පාරම්ලරික දැනුම රැකගැනීමේ ක්‍රමවේදයක් නොමැතිවීම

(4) පස ආශ්‍රිත ගැටළු දීර්ඝ කාලයක් කෘත්‍රිම පොහොර සහ පලිබෝධ නාශක භාවිතය නිසා

(5) ප්‍රතිරෝධී පැරනි වී දර්ශ වර බිත්තර වී නොමැතිවීම.

(6) වී අලෙවි කිරීමේ දුෂ්කරතා

(7) වැවු නඩත්තු නොකිරීම

ශ්‍රී ලංකාවේ වී වගාව දියුණු කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ග


(1) ගොවි ජනපද ව්‍යාපාර ඇති කිරීම

(2) වැව් ප්‍රතිසංස්කරනය කිරීම.

(3) දිස්ත්‍රික් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන යෝජනා ක්‍රම.

(4) සාම්ප්‍රදායික බිජ නැවත හදුන්වා දීම.

(5)පොහොර සහනාධාර ලබා දීම.

(6) වී ගොවියාට ඉහළ මිළක් යටතේ රජය මගින් වී මිලදී ගැනීමට කටයුතු කිරීම.

(7) කෘෂිකාර්මික ව්‍යාප්ති සේවාවන් පුළුල් කිරීම.

(9) ගොවීන්ට ණය හා සහනාධාර ලබා දීම.

(10)වගා රක්‍ෂණ හඳුන්වා දීම.